• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම
- වර්ෂ 2025 වන විට ආර්ථික වශයෙන් දියුණු, නවීන සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ අභිප්‍රාය උදෙසා ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව කාර්යක්ෂමව රාජ්‍ය ආයෝජන සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන මඟින් ව්‍යාපෘති හඳුනාගැනීම, තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් රාජ්‍ය ආයතන වෙත නිකුත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.