• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම
- මිලේනියම් චැලේන්ජ් ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් අතුරින් ප්‍රවාහන සහ ඉඩම් යන ක්ෂේත්‍රවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 'මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් (ගරන්ටි) ශ්‍රී ලංකා ලිමිටඩ්' යනුවෙන් සමාගමක් පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.