• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් (MW) 500ක ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් ඉදි කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු රජයට අයත් සමාගමක් වන NTPC සමාගම විසින් ඒකාබද්ධව කෙරවලපිටියේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 500ක ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය ඉදි කිරීමට අදාළ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කොටස්කරුවන්ගේ ගිවිසුම සඳහා එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.