• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම
- සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා; සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.