• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හා දූෂණය නිවාරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
- 'දැනුවත් කිරීම තුළින් අල්ලස හා දූෂණය වැලැක්වීම හා නිවාරණය' යන නමින් පිළියෙළ කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව අනුව අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය තුළින් නිවාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ තුළින් රටේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහාත් වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. ඒ අනුව එම වැඩසටහන වර්ෂ 2019 සිට 2021 තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වන අරමුදල් සලසා ගැනීම පිණිසත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.