• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය සඳහා නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම
- ශ්‍රී ලංකා පොලීසියේ සේවයේ නියුතු නිලධාරින්ගේ නිල ඇඳුම් අවශ්‍යතා සඳහා අවශ්‍ය රෙදි, මීටරයක් රුපියල් 346/- බැගින් මීටර 400,000ක් වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සහ රෙදි මීටර 100,000ක් ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිලදී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.