• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදවච්චිය හොරව්පතාන මාර්ගය පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
- උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති කාර්යයන් නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිව පවතින අරමුදල් භාවිත කරමින් මැදවච්චිය හොරව්පතාන මාර්ගයේ කිලෝමීටර 10 සිට කිලෝමීටර 37.8 දක්වා වූ කිලෝමීටර 27.8ක මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.