• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම
- දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිවනු ඇතැයි අපේක්ෂා කරනු ලැබ ඇති අරමුදල් භාවිත කරමින් කොළඹ - රත්නපුර මාර්ගයේ හෝමාගම සිට පනාගොඩ දක්වා කිලෝමීටර 1.90ක මාර්ග කොටස, කොළඹ - රත්නපුර මාර්ගයේ පනාගොඩ සිට ගොඩගම හංදිය දක්වා කිලෝමීටර 2.16ක මාර්ග කොටස, පාමංකඩ - හොරණ මාර්ගයේ ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවත සිට පාමංකඩ දක්වා කිලෝමීටර 0.58ක මාර්ග කොටස සහ පාමංකඩ - හොරණ මාර්ගයේ පිළියන්දල නගරයේ කිලෝමීටර 2.95ක මාර්ග කොටස යන මාර්ග කොටස් 04 පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.