• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා අවදානම සහිත ප්‍රදේශ වල පදිංචිව සිටින ජනයා සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීම
නායයාම් අධි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් නැවත පදිංචි කිරීම සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා චීන රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප් කම්පැණි සහ සීමාසහිත යප්කා ඉදි කිරීමේ පෞද්ගලික ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමටත්, එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 2,530.5ක ආයෝජනයක් සහිතව රත්නපුර හා කළුතර ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල නිවාස 1,170ක් ඉදි කිරීම සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.