• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවත පිහිටි ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත බදු දීම
- සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 114.56ක ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,117.20ක මුදලකට සීමාසහිත ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත වසර 99ක කාලයක් සඳහා බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.