• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධනය
- යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ නල්ලූර්, කට්ටුඩෛ, වඩ්ඩුකොඩෛ, පුන්කුඩුතිවු, කරෛනගර්, නාවට්කුලි, පුත්තූර්, පූනකරි, මීසලෛ, කොඩිකාමම්, පලෛ, කරවෙඩ්ඩි, පූනරි, පොක්කනි හා වේලනෛ ප්‍රදේශයන්හි ජලය බෙදා හැරීමේ පද්ධති සකස් කිරීම සහ අදාළ වෙනත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.