• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- ග්‍රාමීය තරුණයන් සඳහා රැකියා අවස්ථා ලබාගැනීමට ඉවහල් වන්නා වූ කුසලතා ලබා දීම සඳහා ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 35ක මුදලකට නෙදර්ලන්තයේ M/s Gemco International BV වෙත පිරිනැමීමට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.