• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
- දැනට ආගමන හා විගමන නිලධාරින් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්‍ට විකල්පයක් වශයෙන් විද්‍යුත් ද්වාර (e-Gates System) සවි කිරීම මඟින් ගුවන්තොටුපොළේ පැමිණිමේ හා පිටවීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා විධිමත් කළ හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.