• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ආයතන සතු විදුලි උත්පාදක යන්ත්‍රවල අමතර ධාරිතාව ඵලදායී ලෙස පරිහරණය
- රාජ්‍ය අංශයේ ආයතන විසින් හදිසි අවස්ථාවන්හිදි ප්‍රයෝජනයට ගැනීම පිණිස භාවිත කරනු ලබන විදුලි උත්පාදක යන්ත්‍ර මඟින් මෙගාවොට් 200ක පමණ ධාරිතාවක් ජනනය කළ හැකි බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, හදිසි අවස්ථාවලදී ඩීසල් බලාගාර මඟින් විදුලිය උත්පාදනය කිරීමට වඩා, ඉහත කී උත්පාදක යන්ත්‍රවලින් ප්‍රධාන විදුලි ජාලයට විදුලිය සැපයිය හැකි නම් එය වඩා වාසිදායක විකල්පයක් බව නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, රාජ්‍ය අංශයේ ආයතන සතු විදුලි උත්පාදක යන්ත්‍ර මඟින් ජනනය කරනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.