• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 අගොස්තු මස 05 දින ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව මඟින් හානි පූර්ණය සඳහා වන නෛතික වගකීම සඳහා ගත යුතු පියවරත්, එවැනි සිදුවීම් යළි සිදු නොවීමට වගබලා ගැනීම සඳහා වන නෛතික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නිර්දේශත් ඉදිරිපත් කරනු ලැබ ඇත. එසේම, හානියට පත් පාර්ශ්වයන් වෙත මූල්‍යාධාර වැඩසටහන්, ණය සහන වැඩසටහන්, නිවාස සංවර්ධන වැඩසටහන්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහන ලබාදීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණු හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් වන නිර්දේශද ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී නිර්දේශ අධ්‍යයනය කර සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා අමාත්‍ය ගරු වි‍ජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වය යටතේ තවත් අමාත්‍යවරුන් 10දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටත්, අනුකාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහාත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.