• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්තශාලාවල තත්ත්වය පිළිබඳ කර්මාන්තශාලා ආඥාපනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- සේවා නියුක්තයන්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය සහ සුබසාධනය පවත්වාගෙන යාමට ඉවහල් වන අන්දමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තශාලා පරීක්ෂා කිරීම සඳහා කර්මාන්තශාලා ආඥාපනත පනවනු ලැබ තිබේ. කර්මාන්තශාලාවල තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් ඵලදායි අයුරින් නීතිය බලගැන්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම සහ කර්මාන්තශාලා ගොඩනැඟිලි අනුමත කිරීම, කර්මාන්තශාලාවල හුමාල බොයිලේරු ලියාපදිංචි කිරීම, හුමාල බොයිලේරු සහ සෙසු පීඩන භාජන පරීක්ෂා කිරීම පිළිබඳ සහතික නිකුත් කිරීම, කර්මාන්තශාලාවල සේවකයින් අධික ශබ්දයෙන් ආරක්ෂා කිරීම සහ කර්මාන්තශාලා ආලෝකමත් කිරීමේ පොදු සම්මත ඇති කිරීම පිළිබඳ කර්මාන්තශාලා ආඥාපනතේ විධිවිධාන යටතේ නිකුත් කර ඇති නියෝග 05ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත්, එම අනුමැතිය මත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.