• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10,000කට ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටම (NVQ 3) සහතික ලබා දීම
කුරුඳු පිරිසැකසුම් කාර්යය නිවැරදි තාක්ෂණික භාවිතයන් සහිතව සිදු කිරීම සඳහා, කුරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10,000කට ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටමේ (NVQ 3) සහතිකය ලබා දීම සඳහා වැඩසටහනක් සකස් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.