• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම
- ගැටුම් පැවති ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික වැඩසටහන 2002 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, ඒ යටතේ මේ වන විට වර්ග කිලෝමීටර 137ක භූමි ප්‍රමාණයක් නිෂ්කාශනය කර නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා නිදහස් කර තිබේ. උතුරු, නැ‍ඟෙනහිර හා උතුරු මැද පළාත්වල තවත් වර්ග කිලෝමීටර 28ක පමණ ප්‍රමාණයක එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2020 වර්ෂය වන විට අවසන් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම කටයුතුවල නිරතවන ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශයට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.