• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ධීවර වරායන් 07ක්, බෝට්ටු යාත්‍රාංගණයක්, තොටුපොළ 02ක් සහ නැංඟුරම්පොළවල් 03ක් වැඩිදියුණු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සිදු කිරීමට හඳුනාගෙන ඇති බලපිටිය, සුදුවැල්ල, දොඩන්දූව, හම්බන්තොට, මයිලඩි, යන ධීවර වරායන් වැඩිදියුණු කිරිම හා සංවර්ධනය කිරීම, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය, වැලිපටන්විල, දෙහිවල, රැකව හා මාවැල්ල නැංගුරම්පොළවල් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති 2018 - 2020 කාලය තුළ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහ අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.