• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොඩනැඟිලි ඇගැයීම සහ ඒවායේ තත්ත්ව වාර්තා කිරීමේ ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම
ගොඩනැඟිලිවල ව්‍යූහමය අඛණ්ඩත්වය, කාලය සමඟ ගොඩනැඟිල්ලේ ව්‍යූහමය කොටස්වලට හානි වීම හා පිරිහීයාම, අලුත්වැඩියා කිරීම හා අලුතින් කොටස් එකතු කිරීම් වැනි කාර්යයන් පිළිබඳ ඇගයීම් කර සුදුසු තාක්ෂණික නිර්දේශ ලබා දීම මඟින් ගොඩනැඟිලි පරිහරණය කරන්නන්ගේ හා අසල්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් 'ගොඩනැඟිලි ඇගයීම් සහ තත්ත්ව වාර්තාකරණ ක්‍රමවේදයක්' හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. එම ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.