• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය
- ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ මෝඩ ඇළ හරහා ඉදි කර ඇති පටු පාලම හේතුවෙන් ගංවතුර බැස යාමට සිදු වී ඇති බාධාව හේතුවෙන් එම පාලම ඉවත්කර, නව දුම්රිය පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. යෝජිත පාලම ඉදි කරන තෙක් ගමනාගමනය සඳහා තාවකාලික දුම්රිය පාලමක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.