• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම
- මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.