• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගි කොට කුඩා ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම
- මේ වන විට නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකරන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ භූමියෙන් අක්කර 330ක භූමි ප්‍රමාණය තුළ පරිසර හිතකාමී ආකාරයෙන් කර්මාන්තපුරයක් පිහිටුවීමටත් එහි පළමු අදියර යටතේ 2019 වර්ෂය තුළ අක්කර 100ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ. ඒ අනුව, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය හා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජිකයින් තෝරා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.