• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය
- වසර 400කට වඩා වැඩි ඉතිහාසයක් සහිත මඩු දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ පූජා භූමියකි. මෙම පූජා භූමියට පැමිණෙන වන්දනාකරුවන්ට ජලය සැපයීම සඳහා භාවිත කරන ජල සම්පාදන පද්ධතිය සඳහා ක්‍රමවත් ජල පිරිපහදු පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 554ක ආයෝජනයක් සහිතව, මඩු ජලාශය භාවිත කරමින් දිනකට ඝන මීටර 1,000 ජල ප්‍රමාණයක් සම්පාදනය කළ හැකි වන පරිදි මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.