• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් පනත් කෙටුම්පත සංශෝධනය - 2018
- රජය විසින් 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය මඟින් ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා වන මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. එම යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා එම යෝජනා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා යම් යම් සංශෝධන සිදු කළ යුතු වූ බැවින් එම සංශෝධන, මුදල් පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ඇතුළත් කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව විවිධ බදු සංශෝධනය කිරීමට සහ බදු අය කිරීම ක්‍රියාත්මක වන දිනයන් හා අනෙකුත් පරිපාලන විධිවිධාන සංශෝධනය කරමින් මුදල් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.