• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක, තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීම
- අහිතකර දේශගුණික බලපෑම අවම කිරීමට අදාළ ක්‍රියාකාරකම් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර පාරිසරික ගිවිසුම් ජාතික වශයෙන් ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා අන්තර්ජාතික ආයතන සමඟ සබඳතා ඇති කරගැනීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ඒ අනුව, හරිත දේශගුණික අරමුදල සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය සමඟ සත්කාරක රාජ්‍ය ගිවිසුමට එළඹීමටත්, ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබාගැනීමට කැමැත්ත දන්වා යැවීම සහ එහි ආයතනික ගිවිසුම අපරානුමත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.