• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
- දේශීයව නිපදවිය හැකි සියලු ආහාර වර්ග ගුණාත්මකව මෙරට තුළදීම නිෂ්පාදනය කිරීම මඟින් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය අවම කරගැනීමේ අරමුණින්, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ ඇත. එසේ වුවද, පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වැඩසටහන හරහා ලඟා කරගැනීමට අපේක්ෂා කරන ලද ඉලක්ක සපුරාගැනීමට දුෂ්කර වී තිබේ. එබැවින් දිවයින පුරා ඇති වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, නවීන තාක්ෂණ ක්‍රමවේද ගොවිජනතාව වෙත ප්‍රචලිත කිරීම, කෘෂි, ධීවර හා පශුසම්පත් ක්ෂේත්‍රවල නියැලී සිටින්නන් ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම හා එම ක්ෂේත්‍ර සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ දිරි ගැන්වීම යනාදී කාර්යයන් ඇතුළත් මෙම වැඩසටහන 2019 සහ 2020 වර්ෂ දක්වා දීර්ඝ කිරීමටත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.