• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් 08ක් ඉදි කිරීම
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකි පරිදි, රඹුක්වැව වැලිගත්ත ආර හරහා පාලම, මුවන්වැව වීරවිලආර හරහා පාලම, පන්නේගමුව සහ අභයපුර හරහා දියබැඳිය පාලම, අම්බලන්තොට ලියන්ගස්තොට හා බැදිගන්තොට හරහා පාලම, තණමල්විල මාර්ගයේ මලලආර, රන්මුදුවැව පාලම, රබර්වත්ත සහ උඩුවිල අතර පාලම, කටුවන කෙසෙල්වත්ත පාලම සහ ලුණුගම්වෙහෙර දකුණ ඉවුර හරහා පාලම යන ග්‍රාමීය පාලම් 08 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.