• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනාගැනීමේ ක්‍රමික තක්සේරුව
- ශ්‍රී ලංකාවේ රසායනික ද්‍රව්‍ය නිසා සිදු වන හදිසි අනතුරු බොහෝමයක් ඒ පිළිබඳ දැනුම්වත් නොවීම, ඒවා භාවිතා කෙරෙන ස්ථාන/පරිශ්‍ර නිසි පරිදි නඩත්තු නොකිරීම හා අධීක්ෂණයේ දුර්වලතා සහ වැරදි කාර්මික භාවිතය නිසා සිදු වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් තහවුරු වී ඇත. එම තත්ත්වයට පිළියමක් ලෙස රසායනික ආපදා සඳහා විධිමත් ආපදා කළමනාකරණ රාමුවක් සකස් කරගැනීමේ අවශ්‍යතාවය සලකා ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනා ගැනීමේ තක්සේරුවක් 2019 - 2020 වර්ෂ තුළ සිදු කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.