• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
- තේ, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම හරහා 2017 වසරේදී රුපියල් බිලියන 457.85ක ආදායමක් ඉපැයීමට හැකි වූ අතර,එය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විවිධ පර්යේෂණ, සේවා හා ක්‍රමවේද වැඩිදියුණු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා දෙමුහුන් පොල් බීජ නිෂ්පාදනය කිරීම, මයිටා පාලනය සඳහා විලෝපිත මයිටාවන් සාදා ගැනීම සහ ඵලදායී හා කාර්යක්ෂමතා නවීන දුම්කාමර ස්ථාපිත කිරීම යනාදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.