• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය සහ පරිපාලන සැකැස්ම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරගැනීම සඳහා අවශ්‍ය සංශෝධනයන් ඇතුළත් කරමින්, 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.