• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස දායක වී සිටින ආසියානු සංවර්ධන බැංකුවේ, 2021 වර්ෂයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම පිණිස වන අභිප්‍රාය ආසියානු සංවර්ධන බැංකුව වෙත දැනුම් දීමටත්, එම කාර්යය සඳහා ජාතික අධීක්ෂණ කමිටුවක් හා අනුකමිටු පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.