• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරම පදවිය මුල් කර ගනිමින් පැවැත්වීම
- රාජ්‍ය නත්තල් උත්සවය සෑම වසරකදීම රදගුරු පදවියක් මුල් කර ගනිමින් එම පදවියේ රදගුරු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය 'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන තේමාව යටතේ මන්නාරම කතෝලික පදවිය මුල් කර ගනිමින් පැවැත්වීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.