• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවන් සඳහා සහාය ලබා දීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
- රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවන් සඳහා සහාය වීමට අවශ්‍ය ව්‍යූහයක් වැඩිදියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මූල්‍යනය කිරීම සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25ක අරමුදල් සලසා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා සහ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.