• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීම
- දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, යාන්ත්‍රික වැලි පෝෂණ විධික්‍රමය භාවිතා කරමින් ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සහ මෑතදී ඇති වූ ගංවතුර නිසා ඛාදනයට ලක් වූ කළු ගං මුව දොරෙහි වැලි වැටිය නැවත ස්ථායි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.