• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟය හේතුවෙන් උතුරු මැද පළාතේ සිඳී ඇති වැව් හා වගා ළිං යථා තත්ත්වයට පත් කිරීම
- උතුරු මැද පළාතේ පවතින නියඟ කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා ළිං 12,000ක් පමණ හා පානීය ජලය ලබාගැනීමට භාවිත කරන වැව් 2,000ක් පමණ සිඳී ඇති බව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව නියඟයට ඔරොත්තු දෙන පරිදි පොදු පානීය ළිං අලුතින් ඉදි කිරීම, සිඳී ඇති වගා ළිං හෑරීම, සිඳී ඇති වැව්වල ළිං හෑරීම සහ පානීය ළිං ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ගොවි සංවිධාන මඟින් සිදු කරවා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.