• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකාව තුළ ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීන රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට මී‍ට පෙර එළඹ තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගීතාවය සවිමත් කිරීමට, එකඟ වී ඇති තත්ත්ව සහ කොන්දේසි ඇතුළත් දෙවන ගිවිසුම අත්සන් තැබීම සඳහා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.