• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උප පොල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- විදුලි බල පද්ධතියේ ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සංරචක 04කින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙහි දෙවන සංරචකය යටතේ කිරිඳිවෙල, බත්තරමුල්ල, බියගම, කොත්මලේ, වේයන්ගොඩ, පාදුක්ක, කොස්ගම, සීතාවක, තුල්හිරිය, රත්මලාන, පන්නිපිටිය, කොළොන්නාව, අතුරුගිරිය, පොල්පිටිය, උකුවෙල සහ නාවුල ප්‍රදේශවල ග්‍රිඩ් උප‍පොලවල් ආශ්‍රිත ඉදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් සඳහා වන ප්‍රසම්පාදනය Mitshubishi Corporation සහ Ceylex Engineering (pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.