• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම
- සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා සැප්තැම්බර් මාසයට අවශ්‍යකරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 305ක මුදලකට හා යූරියා (ප්‍රිල්) මෙට්‍රික් ටොන් 6,500ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 325ක මුදලකට ඇග්‍රි කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් මිල දී ගැනීම සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 334.1ක මුදලකට ස්විස් සිංගපූර් ඕවර්සීස් එන්ටප්‍රයිසස් වෙතින් මිල දී ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.