• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල පළාත් මහ රෝහලෙහි වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
- හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීම පිණිස බදුල්ල මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 668.2ක මුදලකට M/s. Orient Construction Company (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.