• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
- බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. එහි දෙවන අදියර ලෙස එම ගොඩනැඟිල්ල රෝගී සත්කාරක සේවා සඳහා කඩිනමින් යොදා ගැනීමට අවශ්‍ය වන විදුලිබල සැපයුම සහ ජල හා මලාපවහන පද්ධතිය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.