• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවික රෝහල් සංකීර්ණයේ කාර්යය මණ්ඩලය සඳහා ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
- 684ක කාර්ය මණ්ඩලයකින් සමන්විත නාවික මහ රෝහල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින්, විශ්‍රාමික නාවිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව දිනකට 450ක පමණ ප්‍රමාණයකට වෛද්‍ය පහසුකම් සපයනු ලබයි. එහි සේවය කරන නාවිකයින් සඳහා ස්ථිර නේවාසික ගොඩනැඟිල්ලක් නොමැති වීම නිසා එම නාවිකයින් මුහුණ දෙන අපහසුතාවන් සලකා ඔවුන්ට පහසුකම් සැලසීම පිණිස මහල් 4කින් යුත් නේවාසික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.