• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික රෝහල සඳහා නව දෙමහල් රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම
- දකුණු නාවික විධානයේ නාවික රෝහ‍ල බූස්ස ප්‍රදේශයේ පිහිටා ඇති අතර, මෙම රෝහල මඟින් එම විධානයට අනුයුක්තව රාජකාරි කටයුතු ඉටු කරනු ලබන නාවික භටයන් 4,200කට පමණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වෛද්‍ය පහසුකම් සපයනු ලබයි. මෙම රෝහල දැනට පවත්වා ගෙන යනු ලබන, අඩු පහසුකම් සහිත පැරණි ගොඩනැඟිලි වෙනුවට නවීන පහසුකම්වලින් යුත් දෙමහල් ගොඩනැඟිලි දෙකක් ඉදි කිරීමට තවදුරටත් අවශ්‍යකරණ අරමුදල් සලසා ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.