• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව මිශ්‍ර ජාතික පාසලක් ආරම්භ කිරීම
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම පිණිස සියලු පහසුකම්වලින් සපිරි ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව නානුඔය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, එය 6වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලක් ලෙස පවත්වාගෙන යාමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.