• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
- ණය සහනදායක මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම, ණය සහනදායක මණ්ඩලයේ සභාපති, සාමාජිකයින් සහ ශාඛා මණ්ඩලවල සාමාජිකයින් තෝරා ගැනීමේ නිර්ණායක සංශෝධනය කිරීම මඟින් 1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.