• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
- රටතුළ පවතින පොල් ඉඩම් ප්‍රමාණයෙන් 84%ක් පමණ අක්කර 20ට අඩු කුඩා පොල්වතු ලෙස හඳුනාගනු ලැබ ඇත. එබැවින් කුඩා පොල්වතුවල ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් නිෂ්පාදනවල පිරිවැය අවම කරගැනීම හරහා ලාභදායක හා ස්ථාවර කර්මාන්තයක් බවට පත් කරගැනීමේ අපේක්ෂාවෙන් පොල් ඉඩම් හිමියන් සහ කප්රුක අරමුදල් සමිති සාමාජිකයින් වෙත පොල් ගස් නැගීමේ යන්ත්‍ර, පොහොර යෙදීමට භාවිතා කරන කුඩා ටිලර් යන්ත්‍ර, රතු කුරුමිණි පෙරමෝන උගුල්, තණකොළ කපන යන්ත්‍ර, දියර ඉසින යන්ත්‍ර සහ පොල්ගසේ විවිධ කොටස් කැබලි කිරීමේ යන්ත්‍ර යනාදිය ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.