• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රබර් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම
- ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ඵලදායිතාවය කර්මාන්තයේ යෙදෙන සෙසු ආසියාතික රටවලට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වී තිබේ. මීට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස ඵලදායි ආයු කාලය ඉක්මවූ, අඩු අස්වැන්නක් ලබා දෙන පැරණි වගාවන් ඉවත් කර, වැඩි අස්වැන්නක් ලබා දෙන නව ක්ලෝනවලින් ලබාගත් රබර් පැළ නැවත වගා කිරීම සුදුසු බව හඳුනාගනු ලැබ ඇත. එසේ වුවද රබර් නැවත වගා කිරීම සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය සැලකිල්ලට ගෙන රබර් නව වගාව සඳහා ලබාදෙනු ලබන සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 150,000 සිට රුපියල් 300,000 දක්වා ද රබර් නැවත වගා කිරීම සඳහා ලබා දෙන සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 175,000 සිට රුපියල් 350,000 දක්වාද ඉහළ නැංවීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.