• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම
- ශ්‍රී ලංකා රජය විසින් 2017 වර්ෂයේ සිට වාර්ෂික අයවැය මූල්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනු ලබන අතර 2018 වර්ෂය දක්වා නිකුත් කරන ලද එකී බැඳුම්කර එක්සත් ජනපද ඩොලර්වලින් නිකුත් කරනු ලැබ ඇත. වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම් තුළ අපනයන විවිධාංගිකරණය, විදේශ ඍජු ආයෝජන ආකර්ශනය කරගැනීම, අඩු පිරිවැයක් සහිතව අයවැය මූල්‍යයනය කළමනාකරණය අපේක්ෂාවෙන් යෙන්, රෙන්මින්බී සහ යුරෝ වැනි විදේශ මුදල් ඒකක වලින් ජාත්‍යන්තර වෙළඳ පොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.