• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පද්ධතින් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරිම, සෞඛ්‍ය හා රෝග පාලනය ශක්තිමත් කිරීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම හා ධාරිතා සංවර්ධනය කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජනයකින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා වී තිබේ. එම සමස්ත ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මුදල ප්‍රදානයක් ලෙසත්, තවත් ඇමරිකානු ඩොලර් මිලියන 37.5ක මුදලක් සහන ණයක් ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීම සඳහා යෝජනා වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීමට අවශ්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.