• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොත්මලේ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය සඳහා නව සම්මන්ත්‍රණ ශාලාවක් ඉදි කිරීම
- ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්ට අවශ්‍ය වන විවිධ භාෂා පිළිබඳ පුහුණුව ලබා දෙනු ලබන, කොත්මලේ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ දැනට භාවිත කරනු ලබන පැරණි සහ අඩු පහසුකම් සහිත සම්මන්ත්‍රණශාලාව වෙනුවට, පුහුණුවන්නන් 150කට පමණ එකවර රැස්විය හැකි, නවීන පහසුකම්වලින් යුත් නව සම්මන්ත්‍රණශාලාවක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.